අප රටේ 15000ක් වූ සංවර්ධන නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඩ නගන බවත් සාධාරණ යෝජනා ජයග්‍රහණය කරවන්න කටයුතු කරන බවත් නිදහස් අධ්‍යාපනය තුළ අධ්‍යාපනය හා උපාධිය ලැබු මොවුන් යම් අවශ්‍යතා සපුරා ගන්න සේවා ව්‍යවස්ථා නිර්මාණය කරන්න පෙර බදවා ගත් නමුත් තවමත් සේවා ව්‍යවස්ථාවක් නිර්මාණය කර නැති බවත් රාජ්‍ය සේවයේ ඇති උගතුන් බුද්ධිමතුන් වන මොවුන්ට බදවා ගැනීමේ විභාගයක් සමාන වැටුප් තලයක් උසස් වීම් ක්‍රමවේදයක් පවා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
උපාධියට සරිලන තනතුරු නොමැති වීමත් උපාධියට වඩා අඩු සුදුසුකම් සහිත අය මේ උපාධිධාරීන්ගේ අධීක්ෂණය ආදී ගැටලු පවතින බවත් මේ අසාධාරණය වෙනුවෙන් උපරිම පෙනී සිටින බවත් ආර්ථික සංවර්ධන නිලධාරීන් නාමය නරකයැයි කියා එය ප්‍රජා සංවර්ධන නිලධාරීන් ලෙස වෙනස් කර ඇති බවත් බරපතළ ඛේදවාචකය වන්නේ ජනාධිපතිවරණ සමයේ මොවුන් ඇන්දවීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එදා මැතිවරණ සමයේ තමා ඇත්ත කතා කළත් එය පිළිනොගත් බවත් අද මේ රජය මේ උපාධිධාරීන් වින්දිතයන් බවට පත් කර ඇති බවත් මොවුන් නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගිය අය පවා අද මේ උපාධිධාරීන් අමතක කළත් මේ අය වෙනුවෙන් සමගි ජන බලවේගය සටන් කරන බවත් ලබන සතියේ පාර්ලිමේන්තුවේ මේ ගැන අවධානය යොමු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සංවර්ධන නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව අතරතුරය.
වැඩිහිටි හා විශ්‍රාමික ප්‍රජාවගේ ඉතිරි කිරීම් ලක්ෂ 10 ට සහ 15 සදහා 15% පොළිය දුන්නත් එයද අහිමි කළ බවත් ගොවියාගේ බීජ පොහාරවලට සහන මිලක් සේම ස්ථාවර මිල ද ලබා දීම නතර කර ඇති බවත් සැම ගොවියෙක්ම අන්ත අසරණ වී ඇති බවත් බොරුව ඇන්දවිල්ල නිසා ජනතාව මංමුලා කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ධීවරයාට ලබා දෙනවා කියන සම්පත් හා සහන පවා කප්පාදු කර ඇති බවත් බඩුමිල ඉහළ ගිය මොහොතේ අප්‍රේල් මාසයේ දින 30ක් ජීවත් වෙන්න 17000ක් ප්‍රමාණවත් යැයි කියන බවත් රටත් ජනතාවත් මොවුන් අන්දවා ඇති බවත් දින 30ක් ජීවත් වෙන්න මේ 17000 ප්‍රමාණවත් දැයි නැවත වරක් සිතිය යුතු බවත් මේ රජය කූඨ ආකාරයට උපක්‍රමශීලිව ජනමතයක් ලෙස වහල් සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන සම්මත කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ නිසා මාතෘ හා ළමා මන්දපෝෂණය වැඩි වී දුප්පත්කම වැඩි වී ඇති බවත් මෙරට ලක්ෂ 220 ජනතාවට වරායේ ගොඩබාන මිලට තෙල් දෙනවා කිව්වත් අද එය නැති බවත් කොමිස් නැති කරනවා කිව්වත් එය ද සිදු නොවු බවත් මැදපෙරදිග තත්ත්වය උද්ගත වී තිබියදී පවා බදු අඩු කර තෙල් දෙන්න නොහැකි වී ඇති බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා කියා කිව්වත් එයද නොවු බවත් ආපදාවෙන් විපතට පත් ජනතාවට ලක්ෂ 10ක් දෙනවා කිව්වත් එයද නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තමා කිසි දින ජනතාව අන්දවා රවට්ටවා නැති බවත් සෙසු අය ජනාධිපතිවරණ සමයේ ජනතාවට බොරු පොරොන්දු දී බලය ලබා ගෙන අවසානයේ ඒ පොරොන්දු ආදිය අමු අමුවේ කඩා ජනතාව රවටා ඇති බවත් බොරු කියා ජනාධිපතිකම් 2/3 බහුතර ලබා ගත හැකි වුවත් මේ බොරුවට පැවැත්මක් නැති බවත් ඇත්ත කතා කරලා තමා ගෙදර ගියත් බොරු කියන අය බලයට පත්වී ලක්ෂ 220 ජනතාව අනාථ කර ඇති බවත් දැන් රටට ඇති විකල්පය ජනතාවට තේ්රී ඇති බවත් ජනතාව වෙනුවෙන් සැබවින්ම කැපවුයේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
Lanka Newsweek © 2026